මම මෙතන කලාව යනුවෙන් සදහන් කලේ කුමක් හෝ නිපදවීමේ හැකියාවයි !
ඔබ සිතන්න ඔබට කුමක් හෝ දෙයක් හොඳින් නිර්මානය කරන්න පුලුවන් කියල. ඒ කිව්වෙ Book-Marks ,Key-tags ,
පොල් ආශ්‍රිත නිර්මාණ වැනි ඕනෑම දෙයක් නිර්මානය කල හැකියි කියල. අන්න ඒක හොඳ ව්‍යාපාර අවස්තාවක්. මේ දවස් වල ප්‍රචලිත වෙමින් යන මුදල් ඉපයීමෙ ක්‍රමයක් තමයි මේක. අපි අද මේ ගැන කතා කරමු. මේ වගේ ලස්සන නිර්මාන වෙලදපොලේ හොද මිලකට අලෙවි වන බව ඔබත් මමත් දන්නව.මේ උදාහරණ තුනක් පමනි. මින් ඔබ්බට සිතා ගත නොහැකි තරම් නිර්මාන තියෙනව. ඔබටත් මෙවැනි යමක් කිරීමට හැකිනම් හොඳ ආදායමක් ලබා ගත හැකියි.
අත්කම් නිර්මාණ යනු ?
"ශිල්පය, ශිල්පීය වැඩ ලෙස ද හැඳින්වෙන අත්කම් නිර්මාණ යනු මුළුමනින්ම අතින් හෝ සරල මෙවලම් යොදා ගෙන ප්‍රයෝජනවත් අලංකාර භාණ්ඩ නිපදවීමේ ක්‍රියාවලියකි. මෙය පාරම්පරික වටිනාකමක් ඇති භාණ්ඩ නිර්මාණය සඳහා සාමාන්‍යයෙන් භාවිතා වේ. භාණ්ඩවල ඒකල කර්මාන්තභාවය පරම නිර්ණායකයකි. එවැනි භාණ්ඩ සංස්කෘතිකමය හෝ ආගමික වැදගත්කමක් දරයි. මහා පරිමාණයෙන් හෝ යන්ත්‍රානුසාරයෙන් නිපදවෙන භාණ්ඩ අත්කම් නිර්මාණ නොවේ.
කලාව හා ශිල්පය වැනි සුලභව භාවිතා වන වර්ගීකරණයන්ගෙන් අත්කම් නිර්මාණ වෙන් කර ගැනීම එය නිර්මාණය කරඇති අරමුණ අනුව සිදු වේ. මේවා භාවිතා කිරීමට හෝ පැළඳීමට සහ වෙනත් කටයුතුවලට යොදා ගත්තද එය භාවිතා වන්නේ හුදු සැරසිල්ලක් ලෙසින් පමණක් නොවේ. මේවා සාමාන්‍යයෙන් බහුලව එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පාරම්පරික වටිනාකමක් සහිත නිර්මාණ වන අතර කලා නිර්මාණ හා ශිල්පිය නිර්මාණවලින් ඇඟ වෙන්නේ විනෝදකාමී බවය."
Wiki-pedia
ඔබටත් මේවායින් කිනම් හෝ දෙයක් නිර්මානය කල හැකිනම් එය අලෙවි කිරීමෙන් ඔබට හොද ලාබයක් ලබා ගත හැකියි.
ඒ සඳහා ඔබට හොඳ සහයක් social media භාවිතයෙන් ලබා ගත හැකියි. Facebook , Tik-Tok ,Instagram හරහා ඔබේ නිර්මාන හදුන්වා දී Whatsapp Telegramme , Messenger හරහා පාරිබෝගිකයාව සම්බන්ද කර ගත හැකියි.
ඔබට ඒ සම්බන්දව කිසියම් ගැටලුවක් ඇති වුවහොත් Contact us හරහා අපගෙන් විමසන්න.