IDEA MART APP MAKER
මේ වන විට Websites වලට වඩා වැඩි දෙනෙක් නැඹුරු වන්නෙ Apps වලටයි. නමුත් ඇප් එකක් හදන්නම් Program කරන්න හොඳ දැනුමක් තියෙන්න ඕනි . නමුත් දැන් එය අවශ්‍ය වන්නෙ නැහැ. ලොකු කුඩා ඕනෑම අයෙකුට Apps හදන්න ඕනෑ තරම් Platforms තියෙනව. ඒවගේ Platform එකක් තමා idea mart app maker Platform එක. මේකෙ තියෙන විශේෂම දේ තමා මේක ලංකාවෙ Platform එකක් වීම. මේ වන විටත් ගොඩක් අය භාවිතා කරන හොඳ මුදල් ඉපයීමේ ක්‍රමයක් බවට මේ Platform එක පත්වී තියෙනව.අපි බලමු කොහොමද මේකෙන් මුදල් උපයන්නෙ කියල.
මේකෙන් සාර්තක වෙන්න නම් අපිට අව්ශ්‍ය වන්නෙ හොඳ අදහසක් පමණයි. ඒ නිසා මේක පටන් ගන්න කලින් හොදට සොයා බලා පටන් ගන්න ඕනි . මේකෙ ඇප් එකක් හදන්න අපිට කිසිම ආයෝජනයක් කරන්න අවශ්‍යම නැහැ. ඒ වගේම ඒ හදපු ඇප් එක නොමිලයේම Play store දා ගන්නත් අපිට පුලුවන්.
මෙකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. ඔයා හදන App එක කවුරු හරි Download කරොත් එයාගෙන් ඔයාට දෛනිකව හෝ මාසිකව ගානක් හම්බ වෙනව. ඔයාට ඇප් එක හදන කොට තෝරන්න එනව දෛනිකවද මාසිකවද කියල දෛනිකව නම් රුපිඔයල් 3 - 5 වගේ මුදලක් දාන්න පුලුවන්.
අපි බලමු කොහොමද මේකෙ register වෙන්නෙ කියල
appmaker.lk මෙන්න මේ ලින්ක් එකෙන් ගියාම මේ interface එකට එයි
ඊට පස්සෙ Get Started click කරන්නඊට පස්සෙ ටිකක් දිග Register form එකක් පෙන්නයි. ඒක නිවැරදිව සම්පූර්ණ කරන්න එතනදි ඔයාලගෙ Postal code එක ඉල්ලනව ඒක ඔයාලගෙ නගරෙ නම ගහල postal code කියල google search කරහම පෙන්නයි . තව ඔයාගෙ NIC එකේ photo ඉල්ලනව . තව ඔයාලගෙ බැංකු පොතේ පලවෙනි පිටුවෙ Photo එකක් ඉල්ලනව ඒවත් දෙන්න . ඊ ගිණුමට තමා මුදල් බැර වෙන්නෙ.
ඊට පස්සෙ ඔයාලට පැය 24 ඇතුලත E mail එකක් එයි . ඒකෙන් ඔයාලගෙ ගිණුමට යන්න පුලුවන්. මේකෙ Apps හදන්න අපිට App styles ලබා දීල තියෙනව.
අපිට පුලුවන් ඒව edit කරල අපේ ඇප් එක ලස්සනට හදාගන්න. ඉතින් අනිවාර්‍ය්යෙන් ඔයාල මේ ක්‍රමෙත් try කරල බලන්න .