E bay Direct shipping

මොකක්ද මේ E bay කියන්නෙ ?

මේක නිකන් අපේ ගම් වල තියෙන පොල වගේ.අපිට මේකෙදි පුලුවන් බඩු ගන්න වගේම
විකුණන්නත්. අපි හිතමු ඔයා පොල් කටු වලින් එක එක දේවල් නිෂ්පාදනය කරල කඩ වල්
වලට දාන කෙනෙක් කියල එතකොට සාමාන්‍යෙන් රුපියල් 30-40 වගේ නෙ හම්බවෙන්නෙ
නමුත් අපිට පුලුවන් E bay එකේ ඒ හැන්දම රුපියල්  500-800 වගේ දාන්න . ලංකාවෙ
කවුරුත් පොල් කටු හැන්දක් රුපියල් 500 ට ගන්නෙ නෑනෙ . ඒත් පිටරට මිනිස්සු ගන්නවා.
අන්න ඒක තමා මේකෙ තියෙන වාසිය . ඔයාට පුලුවන් ඕනම product එකක් E bay එකේ
list කරල ශ්‍රී ලංකා තැපෑලෙන් හරි වෙනත් කූරියර් සේවාවකින් හරි යවන්න

හැබැයි ලංකාවෙ නීතිය ගැනත් අපි බලල තමා යවන Product එක තීරණය කරන්න ඕනි
ලංකාවෙ නීතියට අනුව ලංකාවට ආවේණික දේවල් එහෙම යවන්න බැහැ . උදාහරණයක්
විදියටලංකාවෙ තියෙන බෙහෙත් බීජ වර්ග ,ඔයාලත් දන්නව ඇති තවත් සමහරු කොස් කොල , පොල් කටු ඒ වගේ දේවල් යවන්න බැහැ.

eBay එකේ වැඩ කරන්න ක්‍රම දෙකක් තියෙනව.
  1. Direct Shipping
  2. Drop Shipping

Direct Shipping කියන්නෙ අපි කලින් කතා කරපු එක. Drop Shipping ගැන වෙනම
කියල දෙන්නම්.

මොන වගේ දේවල්ද රට යවන්න පුලුවන් ?

සමහරු ,
  • බිස්කට්
  • බීත්ති ඔරලෝසු 
  • බීම
  • සමපෝෂ
    වගේ වගේ ඒවත් යවනව.ඒ ව සාර්තක වෙනවා.

ඒත් මම ඔයාලට සුපිරි Trick එකක් කියල දෙනවා.

දැන්ම යන්න Made in Sri lanka කියන fb ගෲප් එකට ඒකෙ ලංකාවෙ මිනිස්සු
හදන සුපිරි items තියෙනව. අන්න එතනින් අපි උපයමු.

ඔයාල එයාල දාල තියෙන පොටෝ එහෙම eBay එකේ ලිස්ට් කරන්න.
සමහරු වීඩියෝ දාලත් තියෙනව . ඒව ඔයාල යූටියුබ් දාල ඒ ලින්ක් එක eBay එකේ
දාන්න. මමත් මේ වැඩේ කාරල තියෙන්න කෙනෙක් විදියට කියන්නෙ මේක සුපිරිම
trick එකක් තාම ප්‍රසිද්ධ වෙලා නැති නිසා හොඳ ගාණක් හොයාගන්න පුලුවන් .

මේ ක්‍රමේ නම් අනිවාර්‍ය්ව්න්ම කරල බලන්න.මම ඉස්සරහට Order list කරන හැටි වගේ දේවල් Video වලින් ගේන්නම්.

මම මේ Post එක මෙතනින් නිමා කරනව.මොකද ඔක්කොම මෙතනදි කියල දෙන්න අමාරු නිසා මම ඉස්සරහට වීඩියෝ එකකින් දාන්නම් .

Post a Comment (0)
Previous Post Next Post

තවමත් මෙම Web පිටුව ආරම්භක අවධියේ පවතින නිසා මුදල් ඉපැයීම් ක්‍රම සහ ප්‍රශ්න තිබේනම් Contact Us හරහා පනිවිඩයක් යොමු කරන්න. Contact US to know more..

NEWAGE EDU