Design Crowd එකෙන් සල්ලි හොයමු.

 


Design Crowd එකෙන් සල්ලි හොයමුද ?

මං හිතනව ඔයාල මේ කියවන්න කලින් Freelancer ගැන ලියල තියෙන පෝස්ට් එක කියවල එන්න ඇති කියල . එහෙම නැත්නම් මුලින් ඒක කියවල ඉන්න නැත්නම් වැඩේ අල්ලගන්න බැරි වෙයි.
Design Crowd කියන්නෙත් Freelancer Web site එකක් තමා . මේ හැබැයි Fiverr වලට වඩා වෙනස් . ඒ වගේම ලේසියි මේ වෙනකොට මේ Web site එක හරහා ගොඩාක් කට්ටිය උපයල තියෙනව . 



මේ Website එක තවම ගොඩක් ප්‍රසිද්ධ නැහැ  . ඒ නිසා ඔයාලටත් හොඳ තැනකට එන්න පුලුවන් .
මම මුලින්ම මේක වෙන හැටි පැහැදිළි කරල දෙන්නම් .
 
අපිට fiverr වගේ නම් තියෙන්නෙ දැන්වීමක් දැකල ඒකට කැමති උනොත් වැඩේ භාරදෙන එක .
මේකෙ වෙන්නෙ වැඩේ දාල තියෙනව අපි ඒ  වැඩේ කරල යැව්වහම ඒකට කට්ටිය කැමති උනොත් අපිට ගෙවන එක . ඒ වගේම මේකෙ විශේෂම දේ තමයි . මේකෙ එක පාර $100 වගේ තමයි එක job එකකට ගෙවන්නෙ 



මේ තියෙන්නෙ එහෙම දාල තියෙන job එකක් . මේක අපි හරියට කරල යැව්වොත් අපිට 
$150 ගෙවනව . ඒ කිව්වෙ අද දිනට (2022/07/06) රුපියල් 54000 වගේ . ඉතින් අපිට මේ වැඩේ ගොඩ දාගත්තොත් මාසෙක පඬිය දව්ස් දෙකෙන් හොයා ගන්න පුලුවන් . jobs කරන අයට part time job එකක් විදියට මේක කරන්න පුලුවන් . ඔයාලට Photoshop පුලුවන්නම් මේක ගොඩක් ලේසි වෙනව . ඔයාලට photoshop බැරි නම් Canva වගේ website එකකින් Design කරල දෙන්න පුලුවන් ( www.canva.com ) අපි බලමු කොහොමද මේකෙ Account එකක් හදාගන්නෙ කියල.


මුලින්ම මේ link එකට යන්න  ( DesignCrowd.com )
ඉහතින් තියෙන Register උඩ Click කරන්න . ඊට පස්සෙ ඔයාගෙ නමයි , E mail Address එකයි දීල I am a designer කියන option එක තෝරල Continue කරන්න 
දැන් මෙහෙම interface එඅක්ක් එයි .

Create your designer profile

දැන් ඔයාට ඇවිල්ල තියෙන ටික පුරවල ඔයාගෙ Profile එක හදාගන්න ඔයාට එතනට ඉල්ලන්නෙ 
නමයි මුදල් ලබාගන්න විදිය ( Paypal / Payoneer ) ඒ විස්තර ටික නිවැරදිව පුරවන්න .
ඊට පස්සෙ උඩින්ම තියෙන My Profile Click කරන්න 
ඔයාට එතනදි මෙන්න මෙහෙම එකක් පෙන්නයි . 


ඔයාගෙ E- Mail එක mail එකක් ඇවිත් ඇති ඔයාට ඒකෙන් Email එක Verify කර ගන්න පුලුවන් 
ඔන්න දැන් Account එක සම්පූර්ණයෙන්ම හදල ඉවරයි

දැන් ඔයාට BROWSE JOBS කියල තියෙන එක උඩ CLICK කරහම ඔයාට Jobs list එකක් පෙන්නයි . ඔයා දැන් කැමැති එකක් තෝරාගන්න .

අපි හිතමුකො ඔයා දැන් logo එකක් design කරන්න තියෙන project එකක් තෝරගත්තා කියල . 
ඔයා දැන් PS , Ai වැනි එකකින් හෝ Canva එකෙන් හරි ඉල්ලල තියෙන විදියට හදන්න . 
ඔයා දැන් හදල ඉවර උනාට පස්සෙ ඔයා තෝරාගත් Project එකේ ඇති Submit Your Design කියල එකක් . එන්න ඒකට Drag And Drop කරල හරි Browse files ගිහින් හරි Submit කරන්න . 
දැන් ඔයා හදමු එක Job එක දාපු එක්කෙනාට යවනව . ඒ වගේම තමා මේකෙ ඔයා විතරක් නෙමේ යවන්නෙ . තව කට්ටිය ඔයා තෝරාගත්ත Project එක කරනව . ඒ යවපු ඒවගෙන් හොඳ එක තෝරල .හොඳම එක්කෙනාට කියපු ගාන ගෙවනව 
අන්න එහෙම දෙයක් තමා Design Crowd එකේ වෙන්නෙ . 

ඉතින් මේ Post එක ලියන එක මෙතනින් නිමා කරනව.


KNOWLEDGE CAN PRINT MONEY

Post a Comment (0)
Previous Post Next Post

තවමත් මෙම Web පිටුව ආරම්භක අවධියේ පවතින නිසා මුදල් ඉපැයීම් ක්‍රම සහ ප්‍රශ්න තිබේනම් Contact Us හරහා පනිවිඩයක් යොමු කරන්න. Contact US to know more..

NEWAGE EDU