Adsense ගැන දැනගමු.

 

A d s e n s e  ගැන දැනගමු.

Adsense කියන්නෙ Google සමාගමේ තවත් එක් සේවාවක් . අපි දැන් බලමු මොකක්ද මෙ Adsense වලින් කෙරෙන්නෙ කියල . 

දැන් ඔයා හිතන්න ඔයා මොකක් හරි business එකක් කරනව කියල . ඔයාට ඒක ප්‍රචාරය කරන්න තියෙන හොඳම විඳිය Adsense කිව්වොත් මම වැරඳි නැහැ . මොකද මේ වන විට මුලු ලෝකයම විශ්ව ගම්මානයක් වී අවසන් . ලොකු පොඩි සෑම දෙනා අතරේම ජංගම දුරකර්තනයක් හෝ පරගණකයක් තියෙනවා .නමුත් අද මම කතා කරන්න යන්නෙ Google Adsense හරහා අපි මුදල් උපයන්නෙ කොහොමද කියල .

Adsense හරහා මුදල් ඉපයීමට ක්‍රම කීපයක්ම තියෙනවා , 

1. Youtube

2. Web Sites / Blogger Sites

3. Apps  


නමුත් Adsense හරහා මුදල් ඉපයීමටනම් Adsense ආයතනය අපට ලබා දෙන ඉලක්කයන් සපුරාලිය යුතුයි. ඒ වගේම ඔබ ඒ සඳහා අයදුම් කර , Adsense හි අවසර ලබා ගෙන සිටිය යුතුයි.

Adsense මඟින් ඔබට මුදල් ගෙවන්නෙ ඇයි ? 

Google Adsense සමාගමට ලැබෙන Ads ඔබේ website එකට හෝ Youtube video වලට දෑමීම නිසා Adsense ආයතනය මගින් ඔබට කොමිස් මුදල් ලබා දෙනව . අන්න එහම් තමයි අපි Adsense හරහා මුදල් උපයන්න ඔනි. 

Adsense ලබා ගැනීමට සපුරාලිය යුතු සුදුසුකම්,

Youtube සදහා ඕනි සුදුසුකම් මම Youtube Post එකෙ දාලා තියෙනවා ඒක අපේ Web එකේ Search කරලා බලන්න.

Bloggers වලට ඕනි කරන/Web Site වලට ඕනි සුදුසුකම් මොනවද?

Google හි නිල AdSense සුදුසුකම් අවශ්‍යතා,

1. ඔබ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය. 2. ඔබ ඔබේ වෙබ් අඩවිය  පාලනය කළ යුතුය.

3. ඔබේ වෙබ් අඩවියේ අනන්‍ය සහ රසවත් අන්තර්ගතයක් තිබිය යුතුය.

4. ඔබේ වෙබ් අඩවියට පැහැදිලිව තිබිය යුතුය. 

5. ඔබ ව්‍යාජ Web Tragfic එකක් සැදීම වැනි දේ නොකළ යුතුය. 

6. ඔබේ අන්තර්ගතය Google අන්තර්ගත ප්‍රතිපත්තිවලට අනුකූල විය යුතුය.

7. ඔබට ප්‍රකාශන හිමිකම සහිත අන්තර්ගතය සංසරණය කළ නොහැක.වෙන කෙන්කුගේ දෙයක් උප්ටා ගැනීමක් ලෙස දැක්විය යුතුය. 

8. ඔබ සහාය දක්වන භාෂාවක් භාවිතා කළ යුතුය.(මින් අදහස් කරන්නෙ අන්තර්ජාතික භාෂා ගැන.) 

9. ඔබේ වෙබ් අඩවියට අපවාදාත්මක අත්දැකීමක් නොතිබිය යුතුය.(18+ දේවල් ලේ සහිත දර්ශන ආදිය)

නිල නොවන ඇඩ්සෙන්ස් සුදුසුකම් අවශ්‍යතා නොතිබිය යුතුය. 

10. ඔබට තාක්ෂණික පිටු තිබිය යුතුය. 

11. ඔබේ වෙබ් අඩවිය අවම වශයෙන් මාස හයක්වත් පැරණි විය යුතුය.

12. ඔබට ප්‍රමාණවත් Web Traffic එකක් අවශ්‍ය වේ. 

ඔය ටික සම්පූර්ණ වීම ගොඩක් වැදගත්...

අපි බලමු කොහොමද Adsense Account එකක් හදාගන්නෙ කියල

ඔබ භාවිතා කරන Browser එකේ Google Adsense යනුවෙන් Type කර Search කරන්න. ඉන් පසු ඔබට පෙන්වන පලමු Web පිටුවට ගොස් GET START Click කරන්න. පසුව ඔබගේ Google Account එක තෝරන්න.(Click Here

දැං ඔබට මෙවැනි පිටුවක් පෙන්වයි. මෙහි ඔබේ තොරතුරු නිවැරදිව ඇතුලත් කරන්න . නිවැරදිව තොරතුරු ඇතුලත් කල පසු Start using Adsense Click කරන්න 

දින තුනක් ඇතුලට ඔබට Adsense ගිණුම තහවුරු කිරීම සඳහා E-mail එකක් ලැබෙනු ඇත. 
එහි ඇති Link එක මගින් ඔබේ Adsense ගිණුමට ප්‍රවේශ වෙන්න . 
ඔබේ ගිණුමට පසුව ඔබ ඔබගේ නිවසේ ලිපිනය ඇතුලත් කරන්න . ඉන්පසු ඔබේ නිවසට සති දෙකක් වැනි කාලයක් ඇතුලට ලිපියක් පැමිණේ . එහි ඇති රහස් අංකය මගින් ඔබේ නිවසේ ලිපිනය තහවුරු කරන්න . 

!!!Adsense හි නීති වලට අනුව එක් අයෙකුට භාවිත කල හැක්කෙ එක Account එකක් පමණි!!!

ඒ වගේම ඔබ Adsense හි නීති වලට පිටු පෑවහොත් ඔබේ ගිණුම Band වේ . එසේ Band වූ Account නැවත ලබා ගැනීමට නොහැකිය. 

KNOWLEDGE CAN PRINT MONEY

Post a Comment (0)
Previous Post Next Post

තවමත් මෙම Web පිටුව ආරම්භක අවධියේ පවතින නිසා මුදල් ඉපැයීම් ක්‍රම සහ ප්‍රශ්න තිබේනම් Contact Us හරහා පනිවිඩයක් යොමු කරන්න. Contact US to know more..

NEWAGE EDU